හිටපු අමාත්‍ය පාඨලීගේ නඩුවක් පෙබරවාරියට කල් යයි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ලබන පෙබරවාරි මස 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (20දා) නියම කළේය.

2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ වන නඩුව  ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි මහතා විසින් එම නියෝගය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *