’’දිට්වා’’ වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත් වෙයි

දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානිවලට ලක්වූ නිවාස වෙනුවෙන් රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂ පහක දීමනාව ගෙවීමේ කටයුතුවලින් ඊයේ(19) දින සිට ඉවත් වූ බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසයි.

ගෙවීම් සිදු කිරීමට යාමේදී  අදාල චක්‍රලේකයෙහි පවතින අඩුපාඩු හේතුවෙන් මෙම තීරණය එළැඹි බව එම සන්ධානයේ සම කැඳවුම්කරු නන්දන රණසිංහ මහතා සදහන් කළේය.

මෙම චක්‍රලේඛය අනුව ගෙවීම් සිදුකිරීමේදී පැහැදිලි තක්සේරුවක් නොමැති බැවින් ග්‍රාම නිලධාරීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් ඔහු පැවසීය.

අදාළ ගෙවීම් සිදුකිරීමේ ක්‍රියාවලිය විධිමත් භාවයක් සහ නිසි මාර්ගෝපදේශයක් ලබාදීමට  ආණ්ඩුව කටයුතු කළ යුතු බව ද රණසිංහ මහතා සදහන් කළේය.

එලෙස කටයුතු නොකළහොත් සියලුම ග්‍රාම නිලධාරි වෘත්තිය සංගම් එක්ව අර්ධහානි නිවාස වල වන්දි ගෙවීම් කටයුතුවලින් ඉවත්වන බවද ඔහු තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *