රනිල් නන්දනට අවසන් ගෞරව දක්වයි

කෘතහස්ත දේශපාලනඥ හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ දේහයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අවසන් ගෞරව දැක්වීය.

නන්දන ගුණතිලක මහතාගේ දේහය තැන්පත් කර ඇති පානදුර නගර ශාලාවට ගිය රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරවය පිරිනැමීය.

ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලන ගමන ඇරැඹූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වන විට එක්සත් ජාතික පක්ෂයේ පානදුර සංවිධායක ලෙස කටයුතු කළේය. අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන,හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහත්වරුද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *