අන්ද අලියා පුළුස්සා මැරූවැයි තිදෙනාට ඇප

ඇස් පෙනීමේ දුර්වලතාවයකින් සහ ඇවිදීමේ අපහසුතාවයකින් පෙළෙන වන අලියකු හුළු අතුවලින් පුළුස්සා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාසයකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයට පත් කර සිටි සැකකරුවන් තිදෙනා මුදල් සහ ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් දසුනි හපුආරච්චි මෙනවිය නියෝග කළාය.

මෙසේ මුදල් සහ ශරීර ඇප මත මුදා හැරියේ මිහින්තලේ සීප්පුකුලම අඹගහවෙල හංදියේ පදිංචිකරුවන් වන ජේ. එම්. සිසිර සේනාධීර සහ ජේ. එම්. ප‍්‍රසන්න චලින්ද කුමාර සහ ජේ එම් වසන්ත විජය කුමාර යන සැකකරුවන්ය ඔවුන් එකම පවුලේ ඥාතීහූ වෙති.

ඒ අනුව සැකකරුවන්ට වෙන් වෙන් වශයෙන් රුපියල් විසි දහස බැගින් මුදල් ඇප නියම කළ අතිරේක මහේස්ත‍්‍රාත්වරිය ඊට අමතරව සැකකරුවන්ට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ පහ බැගින් වටිනා ශරීර ඇප දෙක බැගින් නියම කෙරිණ.

වන අලියා හුළු අතුවලින් පුළුස්සන අයුරු වීඩියෝ ගත කල විශ්ව විද්‍යාල සිසුවාට අයත් ජංගම දුරකථනය රජයේ රස පරික්ෂකවරය වෙත යවා ඊට අදාළ රස පරික්ෂක වාර්තාව අධිකරණයට කැඳවන ලෙසටද අතිරේක මහේස්ත‍්‍රාත්වරිය මිහින්තලේ පෙලිසියට නියෝග කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *