හොර දුම්වැටි ගුවන්තොටෙන් පන්නන්න බැරි වේ

රුපියල් 68,95,000  වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” (Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ  ගුවන් මගියකු  අත්අඩංගුවට ගත් බව  ගුවන් තොටුපොළ රේගුව කියයි.

පානදුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි මොහු ගුවන් යානා ප්‍රවේශ පත්‍ර අලෙවි කරන්නෙකි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ , විදේශීය නිෂ්පාදිත  දුම්වැටි 44,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 222 ක් සහ විද්‍යුත් දුම්වැටි 15 ක් ද සඟවා ගෙන සිටියදී  අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *