ගල්අගුරු නැව් පරීක්ෂණ දෙකකින් ‘ෆේල්’

ගල් අඟුරු සම්බන්ධයෙන් ලක්විජය බලාගාර පර්යේෂණාගාරයේදී කෙරුණු පරීක්ෂණ දෙකකින් ඒවා අසමත්වී ඇතැයි විදුලි බල හා බලශක්ති හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එම ගල් අඟුරු සම්බන්ධයෙන් ගල් අඟුරු සමාගම පවත්වන පරීක්ෂණයේ වාර්තාව  ලැබීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය.

නැව් දෙකක බාල ගල් අගුරු ගෙන්වීමෙන් රජයට අමතර කෝටි හත්සීයක මුදලක් වැය කිරීමට සිදුවන බව පෙනී ගොස් ඇතැයි කී හෙතෙම පොරොන්දු වූ ගල් අඟුරු ගෙනාවේ නම් මේ නාස්තිය සිදු නොවන බවද සඳහන් කළේය.

එම ගල් අඟුරු ගෙන්වීමට අදාළ සමාගමට ටෙන්ඩරය ලබාදීමට අමාත්‍යවරයා ලොකු උත්සාහයක් ගත් බව පෙනෙන්නේ යැයි සඳහන් කළ පාඨලී චම්පික රණවක මහතා ගල් අඟුරු ටෙන්ඩරය යට බරපතළ දෙයක් සිදුවී තිබෙන බවද ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *