පාර වැරදුණු ලාන්ස් කෝප්‍රල් දෙදෙනා ස්නයිපරයක් සමග අත්අඩංගුවට

ස්නයිපර් අවියක් කළු රෙද්දකින් වසාගෙන සිවිල් ඇඳුමින් සැරසි  පැරණි පොලිස් මූලස්ථානයේ ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටි ලාන්ස් කෝප්‍රල්වරුන් දෙදෙනකු  අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පළවන කමාන්ඩෝ රෙජිමේන්තුවට අනුයුක්ත ලාන්ස් කොප්‍රල්වරුන් දෙදෙනෙකි.

පරිගණක අපරාධ විමර්ශන අංශයේ අන්තර්ජාල ආවේෂණ හා බුද්ධි ඒකකය මගින් මෙම සැකකාර ලාන්ස් කෝප්ප්‍රල්වරැන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසී අනන්‍යතාවය තහවුරු කිරීමට කිසිදු ජාතික හැඳුනුම්පතක් හෝ යුද හමුදා හැදුනුම්පතක් නොමැතිව ස්නයිපර් අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන්ය.

සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කිසියම් පුහුණුවීමකින් අනතුරුව මෙම ලාන්ස් කෝප්‍රල්වරුන් දෙදෙනා මෙම ස්ථානයෙන් ගමන් කර ඇති බවත් පුහුණුවීම සඳහා යන අවස්ථාවට ස්නයිපර් අවිය පමණක් රැගෙන යන බවත්ය. මාර්ගය වැරදී මොවුන් මේ ආකාරයෙන් ගමන් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *