කොකේන් සමග නීතිඥවරයෙකු අත්අඩංගුවට

කොකේන් නැමැති මත්ද්‍රව්‍ය ළග තබා ගෙන සිටි නීතිඥවරයෙකු සහ ඔහු සමග සිටි තවත් පුද්ගලයින් හතර දෙනෙකු සැකපිට  මිරිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකාර නීතිඥවරයා කොළඹ අලුත්කඩේ අධිකරණයේ නීතිඥවරයෙකු ලෙස කටයුතු කරන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

සැකකාර නීතිඥවරයා තවත් කීප දෙනෙක් සමග විවේකයක් ගත කිරීම සඳහා මිරිස්සට පැමිණ හෝටලයක නවාතැන් ගෙන ඇත.
මේ අතර වැලිගම පොලිසියට ලැබුණ තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් ගොස් එම හෝටලය පරීක්ෂා කළ අවස්ථාවේ සැකකාර නීතිඥවරයා ළඟ තිබී කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 860 ක් සොයා ගෙන තිබේ.

ඒ අනුව කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් නීතිඥවරයාද ඔහු සමග සිටි තවත් සිව් දෙනෙකු සැක පිටද අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන්  අද ( 11) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *