අත්දෙකේ මැණික් කටුවෙන් පහළින් වෙන් වෙන්නම කපා කොටස් රැගෙන ගිහින්

හක්මන කෝංගල විජය මාවතේදී   පිරිසක් විසින්⁣ පුද්ගලයෙකුගේ අත් දෙකේ මැණික් කටුවෙන් පහළ කොටස වෙන් වෙන්නට කපා එම කොටස් දෙකද රැගෙන පලා ගොස් ඇතැයි හක්මන පොලිසිය පවසයි. මෙම සිද්ධියෙන් තුවාල ලබා සිටින පුද්ගලයා ප්‍රථමයෙන් කිරින්ද රෝහලට ඇතුලු කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුලු කර තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ හක්මන කෝංගල මධ්‍යම පදිංචිකරුවෙකි. හක්මන කෝංගල රණවිරු බස් නැවතම්පොල අසලදී සැකකරුවන් විසින්⁣ මෙම පුද්ගලයා පැහැර ගෙන  කෝංගල විජය මාවතට ගෙන ගොස් එහිදී අත් දෙක කපා එම කොටස් දෙකද රැගෙන ගොස් ඇත.

2025 අගෝස්තු මස 8 වන දින තුවාලකරු විසින් මෙම සැකකරුවෙකුට ඇසිඩ් ගසා තුවාල කිරීම සම්බන්ධයෙන් එයට පලි ගැනීමක් ලෙස මෙම පුද්ලයා⁣ගේ අත් දෙක කපා එම කොටස් සැකකරුවන් රැගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරනයවී ඇත .එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස්ව සිටි බවද එසේ සිටියදී මෙම සිද්ධි යට මුහුණපා ඇති බවද අනාවරනයවී තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ පැහැර ගෙන ගොස් ඇති අත් දෙකේ කොටස් සොයා හක්මන පොලිසිය පරීක්ෂණ පවත්වයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *