ග්‍රෙගරිවැවට සී ගුවන් යානයක් කඩා වැටේ

නුවරඑලිය ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට ගිය සී ගුවන් යානයක් ඊයේ දහවල් 12:30ට පමණ ග්‍රෙගරිවැවේ කඩා වැටීමෙන් එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කල බව නුවරඑලිය පොලිසිය පැවසීය.

එම ගුවන් යානය නුවරඑලියට පැමිණ සිටින සංචාරකයන් පිරිසක් රැගෙන යැමට පැමිණි අවස්ථානවේ මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියයි.

ගුවන් යනයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදවාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *