උඩුදුම්බරට යළි තද වැසි

මහනුවර උඩදුම්බර ප්‍රදේශයට  යළිත් තද වර්ෂාව ඇද හැළීමට පටන් ගැනීමත් සමග නාය ගිය ස්ථාන ආසන්නයේ සිටින පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරලීමට පොලිසිය පියවර ගෙන ඇත.

නායය අවදානම් ස්ථාන ආසන්නයේ පදිංචි වී සිටින ජනතාවට වහාම එම අනතුරුදායක ස්ථානවලින් ඉවත් වන ලෙස උඩදුම්බර පොලිසිය  ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් ජනතාව දැණුවත් කිරීමට පියවර ගත්තේය.

උඩදුම්බර මිණිපේ සහ හසළක ප්‍රදේශවලට තද වැසි ඇදහැළෙන බව ප්‍රදේශවාසීහු පවසති.

කලින් නාය ගිය ස්ථාන යළි නායයාමේ අවදානම් තත්වයක් පවතින බැවින් උඩදුම්බර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත දොඹගම්මන මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක්  එම ප්‍රදේශවලට ගොස්  හදීසි දැණුම් දීම සිදු කළහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *