හොරෙන් විකුණන්න ගිය භාණ්ඩ තොගයක් අල්ලයි

මාවනැල්ල හා කුරුණෑගල ප්‍රදේශවල  සිදුකළ වැටලීම් දෙකකදී අලේවිය සඳහා  සුදානම් කර තිබු රුපියල් කෝටි 10ක් පමණ වටිනා ගජමුතු ටයිටේනියම් බෙල්ලන් ඇතුළු දෑ රැසක් සැකකරුවන් හය දෙනකු සමග අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

අත් අඩංගුවට ගත් භාණ්ඩ අතර  ගජමුතු හා ටයිටේනියම් බෙල්ලන්, මැණික්  ද වන බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරුවන් මාවනැල්ල, කුරුණෑගල, ත්‍රිකුණාමලය, නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව කියයි.

ගුවන් හමුදා බුද්ධි නිළධාරීන්ට ලැබුන තොරතුරක් මත එය කුරුණෑගල සහකාර වනජීවි අධ්‍යක්ෂ කාර්යාලයට ලබා දී විල්පත්තුව,රිටිගල හා හේරත්ගම හා කුරුණෑගල වනජීවි නිළධාරීන් පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යටතේ මෙම වැටලීම් සිදු කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *