පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි 20  ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගී වීමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ඊයේ සවස දිවයිනට පැමිණියහ.

තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය එළඹෙන 07 , 09 සහ 11 දින වල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැළසුම් කර තිබේ .

ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්ව , කටුනායක ගුවන් තොටුපොළ තුළ උත්සවයක් සංවිධානය කර තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *