‘‘සීෂෙල්ස් මුහුදේදී ගිනි තැබූ යාත්‍රාව ගැන කරුණු සොයනවා‘‘

සීෂෙල්ස් මුහුදේදී මෙරට බහුදින යාත්‍රාවක් ගිනිබත් කිරීමේ සිදුවීම සම්බන්ධව ඉදිරි කටයුතු සිදුකරමින් සිටින බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ඒ සඳහා එරට මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධ කරගත් බව ද ඔහු කීවේට.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීය.

අදාළ සිදුවීම සම්බන්ධව සීෂෙල්ස් ආරක්ෂක හමුදා විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.  විදේශ කටයුතු අමාත්‍යාංශය තත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා.

එසේම එම යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් වෙනුවෙන් අවශ්‍ය කොන්සියුලර් සහය ලබා දීමට මේ වන විට පියවර ගෙන ඇති බවද හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *