දැරණියගල, නූරිය වත්තෙහි 14 හැවිරිදි පිරිමි දරුවකු ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ මාපියන් අත්අඩංගුවට ගත්බව නූරිය පොලීසිය කියයි.
දරුවාගේ නිවසෙ සිහි මුර්ජාවට පත්ව දරුවකු සිටින බවට නිර්ණාමික තොරතුරක් මත පොලිස් නිළධාරීන් එම ස්ථානයට ගොස් අදාල දරුවා දැරණියගල රෝහලට ගෙයාමට කටයුතු කර ඇත.
රෝහලට ඇතුළත් කරන විටත් දරුවා මියගොස් සිට ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ චන්ද්ර කමාර් රංජිත් කුමාර් වන අතර ඔහුගේ බෙල්ල ප්රදේශයේ තුවාල සිදු වී ඇති බැවින් මෙය ඝාතනයක් බවට සැකකළ පොලිසිය දරුවාගේ මාපියන් සැකපිට පොලීසිය විසින් අත්තඩංගුවට ගෙන තිබේ.
මියගිය දරුවාගේ දේහය මේ වනවිට දැරණියගල රෝහලේ තබා ඇත. සැකකාර මාපියන් අද දින (3) අවිස්සාවේල්ල මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


