ලිට්‍රෝ මිල වෙනස් නොවේ

මෙම මාසය තුළ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ ප්‍රකාශකයකු පැවසීය.

ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිලෙහි වැඩිවීමක් අවශ්‍ය වුවද රට තුළ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකරන බව ඔහු සඳහන් කළේය.

ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ලෙස පවතී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *