නැගෙනහිර පහළ වායු ගෝලයේ කැලඹිල්ලක්

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදි උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්වයේ වැඩිවීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

නැගෙනහිර,මධ්‍යම, උතුරු – මැද, සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි ඇති වේ. මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

උතුරු පළාතේ වැසි වාර කීපයක් ඇති වේ.

සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ට වැඩි තරමකතද වැසි ඇති වේ.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවටල මිලි මිටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *