පැමිණිම හා පිටවීම සනාථ කිරීමකින් තොරව ලක්ෂයක නිවාඩු දින වැටුප් ගෙවලා

යක්කලමුල්ල ප්‍රා දේශිය සභාවේ  සේවය කරණු ලබන  නිලධාරින් තිදෙනෙකු සදහා  ඇගිලි සලකුණු යන්ත්‍රයේ  පැමිණිම පිටවිම සනාථ කරගැනිමකින් තොරව  නිවාඩු දින වැටුප් වශයෙන් රුපියල්  එක්ලක්ෂ, හතලිස්තුන්දහස්,තුන්සියඅසුතුනක (143,383) මුදලක් ගෙවා ඇති බව  ජාතික විගණන කාර්යාලය මගින්නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

ඇගිල සලකුණු යන්ත්‍රය අනුව  පැමිණිම හා පිටවු වේලාව  පදනම්කරගෙන  ගෙවිම් සිදුකළ යුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ පිළිබද යක්කලමුල්ල ප්‍රා දේශිය සභාව විසින් විගණනයට සදහන්කොට ඇත්තේ  ඇතැම් අතුරු මාර්ග අධික්ෂයේ දි  ඇගිලි සලකුණු යන්ත්‍ර යේ පැමිණිම හා පිටවිම සටහන් කිරිම  අසිරු බවය.

යක්කලමුල්ල ප්‍රා දේශිය සභාව  සම්බන්දයෙන්  2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *