ගායන ශිල්පී මැක්සි රොසයිරෝ සමුගනී

ශ්‍රී ලාංකේය බටහිර සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පී මැක්සි රොසයිරෝ අභාවප්‍රාප්ත විය.

මියයන විට  ඔහු  77 වැනි වියේ පසුවූයේය.

දශක පහකට වැඩි කාලයක් මෙරට බටහිර සංගීත කලාව පෝෂණය කිරීමට සුවිශේෂී දායකත්වයක්  දුන්  රොසයිරෝ  සිය අද්විතීය ගායන ශෛලිය නිසාම අතිශය ජනප්‍රියත්වයට පත් වූ කලාකරුවෙකි.

ස්පිට්ෆයර්ස් ( SPITFIRES ) සංගීත කණ්ඩායම හරහා සිය ගායන දිවිය ආරම්භ කළ හෙතෙම පසුකාලීනව  මහෝගනී නමින් සංගීත කණ්ඩායමක් නිර්මාණය කර, බටහිර ගීත, මෙරට සංගීත ලෝලීන්ට සමීප කරවීමට විවිධ ප්‍රසංග පැවැත්විය.

ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු සඳහන් කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *