ඩග්ලස් දේවානන්දට පැය 72 ක් රැඳවුම් නියෝග

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව පැය 72 ක රැදවුම් නියෝග මත රඳවා තබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගැණිනි.

ඔහුට යුද හමුදාවෙන් නිකුත් කළ ගිනි අවියක් අපරාධරුවෙකු සන්තකයේ තිබී හමුවීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලට අනුවයි.

2001 වසරේදී ඩග්ලස් දේවානන්ද මහතාට යුධ හමුදාවෙන් ලබා දුන් පිස්තොල වර්ගයේ  ගිනි අවියක් අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුශ් නැමැත්තා සන්තකයේ තිබී 2019 වසරේ සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී සොයා ගනු ලැබුවේ වැලිවේරිය  ප්‍රදේශයේ තිබියදීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *