මත්තල ගුවන්තොට සමාගම් තුනකට

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්වය වැඩ පිළිවෙල (PPP) යටතේ පෞද්ගලික සමාගම්වලට පැවරීමට යෝජනාවලියක් සකස් කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය  ආචාර්ය අනුර කරුණාතිලක මහතා  ලංකාදීපයට පැවසීය.

මෙම යෝජනාවලිය  කැබිනට් මණ්ඩලයට ළඟදීම ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට කටයුතු කරගෙන යන  බව පැවසු අමාත්‍යවරයා  අනතුරුව ගුවන්තොටුපොළ  වෙනුවෙන් අභිලාෂ කැඳවීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමග ව්‍යාපාර පවත්වාගෙන යෑමට පෞද්ගලික සමාගම් තුනක් දැනටමත් කැමැත්ත පළ කර ඇති බව කරුණාතිලක මහතා  කීවේය.

මේ වැඩපිළිවෙල යටතේ ගුවන් යානා අලුත්වැඩියාව,පුහුණු කටයුතු සහ තෙල් සැපයීම වැනි ක්ෂේත්‍ර කිහිපයක් වෙනුවෙන් ආයෝජන අවස්ථා විවර කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය පවසයි.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආරම්භයේ සිට(2013)  මේ දක්වා රුපියල් කෝටි 6600 පාඩුවක් ලබා ඇතැයි  අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි වසරක පාඩුව රුපියල් කෝටි දෙසීයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *