බූස්සෙන් ජංගම දුරකථන 133ක් අත්අඩංගුවට

ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ ජනවාරි මස 1දා සිට ඊයේ (27) දින දක්වා කළ මෙහෙයුම්වලදී ජංගම දුරකථන 133 ක් සහ සිම් පත් 159 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගනු ලැබීය.

එම මෙහෙයුම්වලදී දුරකථන චාජර් 110 ක්, ඩේටා කේබල් 122ක්, දුරකථන   බැටරි 12 ක්, මෙමරිකාඩ් 2 ක්, හෑන්ඩ් ෆ්‍රේ 56 ක් සොයාගෙන තිබුණි.

ඊට අමතරව දුම් වැටි කොටස් 12ක්, පිහි 3 ක්, හෙරොයින් ග්‍රෑම් 2 , මිලිග්‍රෑම් 850 ද, දුම්කොළ ග්‍රෑම් 40 , මිලිග්‍රෑම් 012 ක් විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *