“විපතට පත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන පාටක් නෑ” – නාමල්

ගොවි බිම්,ගේ දොර අහිමි වූ මිනිසුන්ට කථා බහ කර ඔවුන්ගේ ප්‍රශ්න වලට සාර්ථක විසඳුමක් දීමට  ආණ්ඩුවට උවමනාවක් නැතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

ජනපති පාර්ලිමේන්තුවට ඇවිත් කොච්චර  පොරොන්දු දුන්නත් ඒවා ඉටුවන පාටක් නැතැයිද රාජපක්ෂ මහතා කීය.

ඇත්ත කියනවා නම් එළියේ කියන්න, බොරු කියනවා නම් පාර්ලිමේන්තුවේ කියන්නැයි ජනාධිපතිවරයාම පවසා තිබෙන බව බව කී නාමල් රාජපක්ෂ මහතා  ජනාධිපතිතුමා දුන් ඒ උපදේශය පරිදි පුරුද්දට වගේ ඒ විදිහටම හැසිරෙන බව සඳහන් කළේය.

හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත එස්.සී මුතුකුමාරණ මහතාගේ  දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු  දෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *