’’දිට්වා’’ රජයේ බිල්ඩින් 2000කට පාඩු කරයි

කාලගුණ ආපදාවෙන් රජයේ ගොඩනැගිලි  දෙදහසකට  වැඩි ප්‍රමාණයකට පාඩු සිදුව ඇතැයි වාර්තාවේ.

මින් ඇතැම් ගොඩනැගිලි ඒ වා තිබුණු ස්ථානවලින් වෙනත් තැන්වලට ගෙන යෑමට සිදුවනු ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.

එම ගොඩනැගිලි පෙර ස්ථානවල නැවත ස්ථාපනය කිරීම අවදානම් සහගත බවද පෙනී ගොස් ඇත.

කාලගුණ ආපදාවෙන් රජයේ ගොඩනැගිලි වලට සිදුවූ හානිය ගණනය කරගෙන යන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

ගංවතුරින් රජයේ ගොඩනැගිලිවල තිබූ ලිය කියවිලි  විසි දහසකට වැඩි  ප්‍රමාණයක්ද විනාශ වී ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *