ගංවතුරට හසුවූ නිලධාරීන්ට විශේෂ නිවාඩු

ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර  අැත

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ  දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට  නිකුත් කරනු ලැබ අැත

ඒ අනුව  දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිය පදිංචි ස්ථානයේ සිට සේවා ස්ථානය වෙත පොදු ප්‍රවාහන සේවා ඇණ හිටීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් මාර්ග අවහිර වීම හේතුවෙන්  හෝ ව්‍යසනයන්ගෙන් විපතට පත්වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් සඳහා මෙම විශේෂ නිවාඩු ලබාදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *