රන්වලගේ අනතුර අනිද්දා මැතිසබයට

හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පැදවූ වාහනයේ හැපී කාන්තාවන් දෙදෙනෙකු සහ බිළිඳියක තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දීර්ඝව කරුණු දැක්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙති.

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අනිද්දා  18 වැනිදා පැවැත්වීමට නියමිතය. එහිදී මේ පිළිබඳව අදහස් දැක්වීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

එම සිද්ධියේදී පොලිසිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සමාජයේ බරපතළ චෝදනාවක් පවතින හෙයින්  එය අනිවාර්යයෙන්ම සංවාදයට ගත යුතු බවද  ඔහු ප්‍රකාශ කළේය.

එම අනතුරින් තුවාල ලැබූ අය ගැන මේ දක්වාම රජයේ පාර්ශ්වයෙන් සොයා බැලීමක් කර නැතැයි පැවසූ මන්ත්‍රීවරයා විපක්ෂය දඩයම් කරන අතරේ  ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කරන වැරදි  ශුද්ධ කිරීම රජයේ ප්‍රතිපත්තිය දැයි  ප්‍රශ්න කළේය

විපක්ෂයේ  මන්ත්‍රීවරු ගණනාවක්ම මේ අනතුර  පිළිබඳව අදහස් දැක්වීමට සූදානමින් සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *