කොලොම්බියාවේ බස් අනතුරින් සිසුන් 16ක් මරුට

උතුරු කොලොම්බියාවේ පාසල් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන්  17 දෙනකු මිය ගොස් 20 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය අය අතර සිසුන් 16 දෙනකු හා බස් රථයේ රියැදුරා සිටන බව ද එම වාර්තා සඳහන් කරයි

ලිසියෝ ඇන්ටියෝක්වේනෝ උසස් පාසලේ සිසුන් රැගත් බස් රථය කැරිබියානු නගරයක් වන ටොලු සිට මෙඩලින් දක්වා ගමන් කරමින් සිට ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එල් චිස්පෙරෝ ප්‍රදේශයේ රෙමීඩියොස් සහ සරගෝසා සම්බන්ධ කරන මාර්ගයකදී අලුයම 5.40 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *