ඩුබායි පනින්න ගිය හීනටියෙ මහේෂ්ගේ ගෝලයෙක් මාට්ටු

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හීනටියෙ මහේෂ් නැමත්තාගේ  අනුදැනුම මත  ඩුබායි රාජ්‍ය බලා පලා යෑමට සිටි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 5 සහ මිලිග්‍රෑම් 260 ක් පොලිසිය සොයාගෙන ඇත.

රටම එකට මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික මෙහෙයුම යටතේ සිදුකරන වැටලීම් වලට සමගාමීව  පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන  නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි  පොලිස් විශේෂ කාර්ය බලකාය මිනුවන් ගොඩ කඳවුරේ නිලධාරීහු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *