රත්නපුරයටත් ගංවතුර තත්වයක්

කලු, වේ, දෙනවක්, හංගමු, කුරු යන රත්නපුරේ ප්‍රධාන ගංගා සියල්ල ජල මට්ටම් ඉහළ යමින් පවතින එම ගංගාවල ස්ථාපිත පූර්ව අනතුරු ඇගවීමේ පද්ධති දත්ත අනාවරණය කරයි.

කලු ගගේ ජල මට්ටම 28දා අලුයම වනවිට මීටර් 7.780 ඉක්මවීය. එය සුළු ගංවතුර තත්ත්වයකි.

රත්නපුර , ඇලපාත, නිවිතිගල , කහවත්ත ,කලවාන , කුරුවිට , කිරිඇල්ල , අයගම, ආදී ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවී ඇත . පහත් බිම් ප්‍රදේශවල පිහිටි මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනාගමනය ඇනහිට ඇත. නිවාස රැසක් ද ජලයෙන් යටවී තිබේ. වී වගාකළ කුඹුරු අක්කර සිය ගණනක් ද ගංවතුරින් යටවී ඇත.

බැකෝ යන්ත්‍ර යොදා යන්ත්‍රානුසාරයෙන් කපන මැණික් පතල් රැසක් ද ජලයෙන් යටවී තිබේ. ආපදාවන්ට ලක්වූ බොහෝ දෙනකු නෑදෑ ගෙවල්වල සහ ආරක්ෂිත ස්ථාන වලට ගොස් ඇතිබව ප්‍රාදේශීය ලේකම්වරු කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *