හදිසි තත්වයක් ඇති වුවහොත් ගුවන් හමුදා සහය ගැනීමට සුදානම්

පවතින අවදානම් තත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ඉදිරි හදිසි මුදාගැනිම් සඳහා ගුවන් හමුදා හෙලිකෝප්ටර් යානා යොදා ගැනිමට සුදානමින් සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.අයි.එම්. සිල්වා මහතා 27 දින පැවසීය.

දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පවසා සිටියේ ඇතිවි තිබෙන ආපදා තත්වය  පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිළධාරීන් හා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරන්, ප්‍රාදේශීය සභාපතිවරුන් සමඟ පළාත් පාලන හා පළාත් සභා ඇමති මහාචාර්ය චන්දන අබේරත්න මහතා එක්ව පැවති සාකච්ජාව අතර තුරදී ය.

මෙම හදිසි ආපදා තත්වය දරුණු ලෙස මතුව ඇත්තේ  දැදුරු ඔය ජලාශය වාන් දොරටු අටක් අඩි 17 දක්වා විවෘත කිරීමත් සමඟ තප්පරයට ඝණ අඩි 92300 දක්වා ඉහළ දැමිමත් සමඟ බව මෙම බරපතල අවදානමට ලක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *