වැස්ස නිසා විභාගෙට යන්න බැරි නම් කියන්න තැන් තුනක්

අයහපත් කාලගුණ තත්ත්වය නිසා අ.පො.ස උසස් පෙළ විභාග ශාලා කරා සිසුන් ප්‍රවාහනය කිරීමට යොදා ඇති විකල්ප ප්‍රවාහන සේවා වෙත ළඟාවීමට නොහැකි විභාග අයදුම්කරුවන් ළඟම කලාප අධ්‍යාපන කාර්යාලය අමතන්නැයි විභාග කොමසාරි ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.

ඊට අමතරව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංක දෙකක් හඳුන්වා දී තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය කියයි.

අදාළ කාරණය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *