රෝහල්වල බොහෝ යන්ත්‍ර කල් පැනලා

ලංකාවේ රෝහල්වල බොහෝ යන්ත්‍රවල  ජීව කාලය වසර දහය ඉක්මවා ඇති බවත්  ඒවා බොහොමයක සේවා ගිවිසුම් පවා අහෝසි වී ඇති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  වෛද්‍ය හංසක විජේමුණි  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම ගිවිසුම අලුත් කිරීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය. කිසිදු ලියාපදිංචි සැපයුම්කරුවකු  නොමැති  ඖෂධ වර්ග තිහක් ලංකාවේ ඇති  බවත් මෙම ඖෂධ පසුගිය කාලයේ පෞද්ගලික ෆාමසිවල හෝ  තිබී නැති  බවත් විජේමුණි  මහතා පැවසීය.

ඒ වගේම එම ඖෂධ වෛද්‍යවරුන්ද  පාවිච්චි කර නැති බවත් එ්වා  තවදුරටත් අවශ්‍යද කියන ප්‍රශ්නය තිබෙන බවත් ඔහු සඳහන් කළේය. එම බෙහෙත්වලට විකල්ප රටේ  ඇති බවද ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *