පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක 10ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 50ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර තිබේ.
ඒ අනුව ගාල්ල දිස්ත්රික්කයේ නාගොඩ, කළුතර දිස්ත්රික්කයේ වලල්ලාවිට, බුලත්සිංහල, ඉංගිරිය, මාතර දිස්ත්රික්කයේ පිටබැද්දර, කොටපොල, මහනුවර දිස්ත්රික්කයේ යටිනුවර, කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල, රත්නපුර දිස්ත්රික්කයේ කොලොන්න, ඇලපාත, රත්නපුර, අයගම, බලන්ගොඩ, කලවාන, ඉඹුල්පෙ, කහවත්ත, නිවිතිගල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ අවදානමෙන් සිටින ලෙස දැනුම්දීමේ නිවේදන නිකුත් කර තිබේ.
එමෙන්ම බදුල්ල දිස්ත්රික්කයේ බණ්ඩාරවෙල, හපුතලේ, ඌව පරණගම, කන්දකැටිය, හල්දුම්මුල්ල, කොළඹ දිස්ත්රික්කයේ පාදුක්ක, හම්බන්තොට දිස්ත්රික්කයේ කටුවාන, කළුතර දිස්ත්රික්කයේ මතුගම, හොරණ, මහනුවර දිස්ත්රික්කයේ ගඟවට කෝරලය, උඩුනුවර, උඩ පලාත, තුම්පනේ, පාතහේවාහැට, උඩදුම්බර, ගග ඉහල කෝරලය, පස්බාගේ කෝරලය, කෑගල්ල දිස්ත්රික්කයේ රඹුක්කන, රුවන්වැල්ල, දැරණියගල, යටියන්තොට, ගලිගමුව, අරණායක, කෑගල්ල, වරකාපොල, මාතර දිස්ත්රික්කයේ පස්ගොඩ, නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව, කොත්මලේ, රත්නපුර දිස්ත්රික්කයේ කිරිඇල්ල, ඇඹිලිපිටිය, ඔීපනායක, වැලිගෙපොල සහ කල්තොට යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා පළමු මට්ටමේ විමසිලිමත්ව සිටින ලෙස සඳහන් අනතුරු ඇගයීමේ නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම නිවේදන නිකුත් කොට ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.


