සජබෙන් වෙනම රැලියක්: නුගේගොඩ රැලියට නෑ

නුගේගොඩ රැලියෙන් පසු අපිත් පොදු රැලියක් සංවිධාන කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.

ආණ්ඩුවට යම් කාලයක් දිය යුතුයි යන ස්ථාවරයේ පක්ෂය සිටින බවත් මේ රජයේ පාලනයට වසරක් සම්පූර්ණ වන්නේ හෙට බවත් ඔහු ප්‍රකාශ කළේය.

ජනතා අවශ්‍යතා උඩ ඉදිරියේදී එකතු වීමට අවශ්‍ය වුවහොත් ඒ අවස්ථාවේදී යම් තීරණයක් ගන්නා බවත් සමග ජන බලවේගය නුගේගොඩ රැස්වීමට සහභාගී නොවන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *