සජබ මන්ත්‍රීලා තුනකට මැතිසබේ අලුත් පුටු

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා තුනකට සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙනෙකු පත්කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  පාර්ලිමේන්තුවේදී  නිවේදනය කළේය.

මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා  තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා පවසයි.

තවද නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු  මහතා පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා ද  මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා  යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහාද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව  කථානායකවරයා නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *