ටිරාන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා 2023–2024 කාලයේ මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීමට විදේශීය සමාගම්වලට දීමට ගත් තීරණයෙන් දූෂණයක් වී ඇතැයි පැමිණිලි ජන අරගල සන්ධානය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට  පැමිණිල්ලක් කළේය.

ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභිකයන් වන පුබුදු ජයගොඩ, දයාපාල තිරාණගම සහ තරිඳු උඩුවරගෙදර යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

ටිරාන් අලස් මහතා මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීම ඉන්දියානු සමාගම්වලට දීම හරහා වංචාවක් සිදුවී ඇතැයි පෙනෙන නිසා ඒ ගැන පරීක්ෂණයක් කරන ලෙස අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බව පුබුදු ජයගොඩ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *