මත්ද්‍රව්‍ය මර්දන වැඩේට විපක්ෂයට ආරාධනා කළේ නෑ

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට දේශපාලන පක්ෂ පාට වලින් තොරව පැවැත්විය යුතු නම් පළමුවෙන්ම කරන්නට තිබුණේ අදාළ වැඩසටහන සඳහා විපක්ෂයටත් ආරාධනා කිරීම බවගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම අනෙක් ආණ්ඩු කළා වගේ මේ අයත් දේශපාලනීකරණය කරමින් ඉන්නවා.මේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට දේශපාලන පක්ෂ පාට වලින් තොරව එකතු වෙන්න අවශ්‍ය නම් ඔබ පළමුවෙන්ම කරන්නට තිබුණේ අදාළ වැඩසටහන සඳහා විපක්ෂයේ අපටත් ආරාධනා කිරීමයි.විපක්ෂ නායකතුමාට ආරාධනා කිරීමයි.නමුත් ඔබ උත්සාහ කළේ මේ මත්ද්‍රව්‍ය විපක්ෂයට දාන්න.මේ මත්ද්‍රව්‍ය එන්නේ විපක්ෂය හින්දා කියලා ඒත්තු ගන්වන්න.ඔබ නිරන්තරයෙන්ම දේශපාලනඥයන්ට ඇඟිල්ල දිගු කළා.පාතාලෙට සම්බන්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉන්නවා නම් වහාම ඔවුන් නම් කරන්න.ඒ වගේම ඔවුන්ට උපරිම දඬුවම් ලබා දෙන්න.එහෙම දඬුවම් දෙන්න විපක්ෂයේ අප සියලුම දෙනා උපරිම සහාය දෙනවා.මත්ද්‍රව්‍ය වුවදුර තුරන් කිරීමට ඔබලා ගෙනයන වැඩපිළිවෙලට අපටත් සහයක් දෙන්න හැකි නම් අප එය කරනවා.හැබැයි මේක මාධ්‍ය සංදර්ශනයක් බවට පත්වුණා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *