ජනපති රටට දුන් ආදර්ශ මිල කරන්න බෑ

ජනාධිපති රටට ලබාදී තිබෙන ආදර්ශ මිල කළ නොහැකි බව මහජන ආරක්ෂක සහ සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“අපේ ජනාධිපතිතුමා වාහන 24ක් පාවිච්චි කරමින් පාරේ ගියා යැයි චෝදනාවක් එල්ල වුණා.තව ටික වෙලාවක් පාරේ හිටියා නම් වාහන දෙතුන් සීයක් ගණන් කරගන්න පුළුවන් කම තිබුණා.අනුර දිසානායක ජනාධිපතිතුමා පාවිච්චි කරන්නේ ඉතා සීමිත වාහන ප්‍රමාණයක්. ජනපති  බලයට පත්වීමෙන් පසුව ආර්ථික මෙන්ම දේශපාලන ස්ථාවරත්වය ඇතිකර තියෙනවා. දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් දැවැන්ත ආදර්ශ ප්‍රමාණයක් ලබාදී තියෙනවා.ඒ ආදර්ශ හරහා නිර්මාණ වන බොහෝ දෑ වල වටිනාකම් මුදලින් තක්සේරු කරන්න හැකියාවක් නැහැ. ගෙවී ගිය වසර තුළ ඔහු ලබා දුන් ආදර්ශ මෙන්ම නායකත්වය අයවැයේ සඳහන් ගණන් හිලව් වලටත් වඩා මිල කළ නොහැකියි.ඒ ආදර්ශ අනාගත පරපුරට ධන නිධානයක් වනු ඇතැයි මා විශ්වාස කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *