ලක්ෂ 20ක අයිස් සමඟ දෙන්නෙක් අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ඩුබායි දනුෂ්ක ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙයවන ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු රුපියල් 20 ලක්ෂයකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි .

එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව‍ය  ග්‍රෑම් 200 මිලිගෑම් 590 ක් පොලිස් භාරයට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්‍ෂ (බුද්ධි/විශේෂ මෙහෙයුම්) පොලිස් අධිකාරී ඩී.පී.යු. කොඩිතුවක්කු මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරික්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්ලම්පිටිය පොලිස් වසමේ අංගොඩ හා වැල්ලම්පිටිය ප්‍රදේශ වල දී වැටලීමක් සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *