එක්දින තරගාවලියේ තරග කාලසටහනේ වෙනසක්

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ ඉතිරි තරග දෙක පැවැත්වෙන දිනයන් සංශෝධනය කර තිබේ.

රාවල්පින්ඩි හි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු එක්දින තරගයට පැය කිහිපයකට පෙර, ඉස්ලාමාබාද්හි උසාවියකින් පිටතදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව මෙසේ කාලසටහන වෙනස් කර තිබේ.

ඒ අනුව බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබූ දෙවන සහ තුන්වන එක්දින තරග සිකුරාදා සහ ඉරිදා දිනවල පැවැත්වෙන බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB)සභාපති මොහ්සින් නක්වි X හි තහවුරු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *