අලි ඇතුන් කෑලේට පන්නන මෙහෙයුමට එරෙහි පෙත්සම විසි කරයි

ගම්මානවල සැරිසරන අලි ඇතුන් හම්බන්තොට  රක්ෂිත කලාපය තුළට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම අත් හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

විනිවිද පදනම විසින් මෙම පෙත්සම ගොනු කර තිබූණා.

අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කෙරිණ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවට ගම්මානවල සැරිසරන අලි ඇතුන් හම්බන්තොට වන අලි රක්ෂිත කලාපය තුළට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම හේතුවෙන් අලි ඇතුන්ට විශාල පීඩාවක් සිදු වී කීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *