වැලිගම සභාපති ඝාතනය ගැන දුමින්දගේ සැකය

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම ආණ්ඩුවේ මර්ධනයේ දෙවැනි අදියරද යන්න පිළිබඳ සැකයක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

“වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාවට ගන්න දත කෑවද නැද්ද? ඒක අපි හැමෝම දන්නවා. ඡන්දේ වෙලාවේ පැහැරගෙන ගියා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු ගෙදරට වෙඩි තිබ්බා.

වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විශාල උත්සාහයක් දැරුවා. ඒත් පත්වුණේ සජබෙන්. ඡන්දෙන් ගන්න හැදුවා, ඊට පස්සේ වෙනත් උපක්‍රම යෙදුවා. ඒත් බලය විපක්ෂයට ගියා. ඒ සභාපතිව ඝාතනය කරලා. මේක ආණ්ඩුවේ මර්ධනයේ දෙවැනි අදියරද කියලා අපිට සැකයක් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *