අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය විවෘත කරයි

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය අද පෙරවරුවේ විවෘත කරනු ලැබීය.මෙහි ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පත්කර තිබේ.

මෙම කොට්ඨාසය ස්ථාපිත කරන ලද 2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතෙහි බලාත්මක අධිකාරීන් වශයෙන් ශ්‍රී ලංකා පොලීසිය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නම්කර තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන් අනීතික ලෙස උත්පාදනය  කර ගන්නා දේපළ සම්බන්ධයෙන් පනතෙහි නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීම මෙම නව කොට්ඨාසය මගින් සිදු කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *