ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල පිටවේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය  2025 අගෝස්තු මස 10 වන දින පැවත්විණ.

සමීක්ෂණ ප්‍රතිඵල  ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැක.

ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 1911, 0112784208, 0112784537, 0112785922 0112784422 යන දුරකතන අංක ඔස්සේ විමසීම් කරන ලෙස ඉල්ලීමක් කෙරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *