කන්ටේනර් පැන්නීම හොයන්න විශේෂ කාරක සභාවක්

වරායෙන් කන්ටේනර් 323ක් නීති විරෝධී ආකාරයෙන් පිට කරන ලදැයි  කියන  සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පාර්ලිමේන්තු  විශේෂ කාරක සභාවක් පත් කරන්නැයිවූ  යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් හතළිස් තුන් දෙනකුගේ  අත්සනින් යුතු මෙම යෝජනාව ඉදිරි දිනක පාර්ලිමේන්තුවේදී  අනුමත කෙරෙනු අැත  කිරීමට නියමිතය.

කාරක සභාව පිහිටුවීමෙන් පසු  එහි පළමු රැස්වීමේ දින සිට මාස තුනක් ඇතුළත  වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *