Armed police security for election commission members who received threats

තග දැමූ නීතිඥවරයා සොයන්න පොලිස් කණ්ඩායම් 3 ක්

ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයකුට පහරදුන් බව පවසමින් පොලිස් කොස්තාල්වරයකුට අශෝබන ලෙස බැනවදිමින් සාපරාධී බලහත්කාරය පෑ ජ්‍යෙෂ්ඨ නිතීඥවරයා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවැසීය.

එම ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා අත්අඩංගුවට ගැනීම සදහා නිවාස තුනකට ගියද ඔහු සොයාගැනීමට හැකි නොවූ බවත් ඔහු අධිකරණය සහ පොලිසිය මගහරිමින් සිටින බවත් කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ඔහු කඩිනමින් අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු කරන බවය.

අධිකරණ සංකීර්ණයට පැමිණෙන බන්ධනාගාර බස් රථයකට ඉඩ ලබාදීම සදහා නීතීඥවරයකුගේ මෝටර් රථයක් අධිකරණ භූමියෙන් ඉවතට ගැනීමට යාමේදී අදාල නීතීඥවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අතර ඇතිබූ බහින් බස්වීමක් ඉකුත් දා ඇතිව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *