හදිසි අනතුරු හේතුවෙන් දිනකට ජීවිත හයක් අහිමි වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව කීවේ‘’අනතුරකදී සිදුවන ලේ ගැනීම් වළක්වමු” (Stop bleed) යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ පාගමනකට සහභාගී වෙමිනි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.
කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ ආරම්භ වූ පාගමන විහාරමහා දේවී උද්‍යානය පසුකරමින් නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කරනු ලැබීය. හදිසි අනතුරු ලේකම් කාර්යාලය (National Trauma Secretariat) මගින් සංවිධානය කරනු ලැබූ මෙම පාගමනේ ප්‍රධාන අරමුණ ජනතාව දැනුවත් කිරීම, ප්‍රජාවගේ සහභාගීත්වය ලබා ගැනීම, හදිසි අනතුරු සම්බන්ධයෙන් රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන කාර්ය මණ්ඩලය අගය කිරීම යි.


