අගමැතිනියට චීනයෙන් ඉහළ පිළිගැනීමක්

2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  චීනයේ බීජිං වෙත ළඟා වූවාය.

අග්‍රාමාත්‍යවරිය මෙම සංචාරයේ නිරත වන්නේ මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනයෙනි.

චීන ජාතික ගුවන්විදුලි සහ රුපවාහිනී පරිපාලන අමාත්‍ය Cao Shumin මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරිය පිළිගනු ලැබිණි.සංචාරයේ පළමු දින, අග්‍රාමාත්‍යවරිය චීනයේ තහනම් නගරය සහ චීන මහා ප්‍රාකාරය නැරඹීමට එක්විය.

යුනෙස්කෝ ලෝක උරුමයන් වන තහනම් නගරය (මාලිගා කෞතුකාගාරය), අධිරාජ්‍ය ගෘහ නිර්මාණ ශිල්පය සහ ජාතික වශයෙන් සංරක්ෂිත  එකතුවක් වන අතර චීනයේ ඓතිහාසික ශිල්පීය වටිනාකම විදහා දක්වන   චීන මහා ප්‍රාකාරය, චීනයේ  සංරක්ෂිත සංකේත වේ.

ඉදිරි දිනවලදී, අග්‍රාමාත්‍යවරිය 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වන අතර චීන ජනාධිපති Xi Jinping  සහ මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය Li Qiang සමඟ  ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *