ඉල්ලීමක් කළොත් වාහනයක් දෙනවා

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂක නිලධාරීන්ගේ පාවිච්චිය සඳහා ලබාදී තිබූ ආරක්ෂක   රථ වාහන සහ  අනෙකුත් දේ රජයට භාර දී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් කළහොත් නැවතත්  සලකා බැලිය හැකි බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හිටපු ජනාපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ  පනත් කෙටුම්පත  සම්මත වීමෙන් පසු  හිටපු ජනාධිපතිවරුන් පාවිච්චි කළ  ආරක්ෂක වාහන පවා  ආපසු බාරදීමක් කර ඇතැයිද  ඔහු ප්‍රකාශ කළේය.

හිමිකම් පනතට ආරක්ෂාව කියන කාරණය නොගැනෙන බව පැවසු අමාත්‍යවරයා   හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව සැපයීම ආණ්ඩුවේ වගකීමක්  බවද  ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *