දක්ෂිණ අධිවේගියට අලුත් ගිමන් හලක්

රියදුරන්ට සහ මගීන්ට විවේක ගැනීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර උඩුකාව ප්‍රදේශයේ  විවේක මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර ඇත.

වරාය නාවික සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල  සී කේ  පෙරේරා මහතා ඊයේ ඊට  මුල්ගල තැබීය.

මාතර ගොඩගම සහ කොක්මාදුව අතර 119 කිලෝ මීටර් කණුව ආසන්නයේ මෙම විවේකාගාරය ඉදිකෙරේ.

දක්ෂිණ  අධිවේගී මාර්ගයේ දැනට විවේකාගාරයක් පවතින්නේ  වැලි පැන්න ප්‍රදේශයේ පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *